Thursday 18th of June 2026

English Tamil
Advertiesment


ලෝකයේ බොරතෙල් බැරලයක මිල අඩු වෙලා - ඒ නිසා අප රටේත් තෙල් මිල අඩුවිය යුතුයි


2026-06-18 1261

 

- විපක්ෂ නායක -

 

වත්මන් රජය මැදපෙරදිග යුද්ධය පෙන්වා බොරතෙල් මිල වැඩි වූවා කියා මෙරට තෙල් මිල වැඩි කළත් අද වන විට බොරතෙල් බැරලයක මිල යුද්ධයට පෙර තිබූ තත්ත්වයටම පහළ වැටී ඇති බවත් බොරතෙල් මිල වැඩි වන විට ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් ලෝකයේ තෙල් මිල අඩු වන විට අප රටේ ද තෙල් මිල අඩුවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කිා සිටියේ අද Nation Lanka ආයතනයේ මුදල් වංචාවක් නිසා අසරණ වූ ජනතාව අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ අවස්ථාවේදී ය.

අප රටේ තෙල් සඳහා ඉහළ බදු ප්‍රතිශතයක් අය කරන බවත් මොවුන් බලයට පැමිණේ මේ බදු ඉවත් කර වරායේ ගොඩබාන මිලට තෙල් දෙනවා කියා වුවත් අද වන විට වරායේ ගොඩබාන මිලට මෙන්ම ලෝක වෙළෙදපොළේ තෙල් මිල අඩු වන විට පවා අඩු මිලට තෙල් ලබා දෙන්න රජයට නොහැකි වී ඇති බවත් මේ නිසා අප රටේ ජනතාව රජය කෙරෙහි බරපතල අවිශ්වාසයකින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජය සෑම විටම සිදු කළේ පච දේශපාලනය බවත් මෙරට ලක්ෂ 220ක් ජනතා මෝඩයන් සේ සලකා රජය කටයුතු කරන බවත් ලක්ෂ 220ක් ජනතා රජයේ පදයට නටයි කියන පහත් මතයේ මේ රජය සිටින බවත් ඉරානය සහ ඇමෙරිකාව පවා සාම සාකච්ඡා කරන්න සූදානම් වන විට තෙල් මිල අඩු ව ඇති මොහොතක අප රටේ තෙල් මිල අඩු කරන්න රජය කටයුතු නොකරන බවත් මොවුන් බොරුවයි වංචාවයි මුසාවයි විතරක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම සමගි ජන බලවේගය බලයේ සිටිනවා නම තෙල් මිල වැඩි වන විට වැඩි කරනවා සේම අඩු වන විට අඩු කර බවත් වත්මන් රජය කරන්නේ බොරුවෙන් ජනතාව අනාථ කිරිම පමණක් සිදු කර ඇති බවත් මේ නිසා දේශපාලනඥයන් කෙරෙහි ජනතාව අවිශ්වාසයෙන් කටයුතු කරන බවත් මහජන නියෝජිතයන් ලෙස සමගි ජන බලවේගයේ දේශපාලනඥයන් මුදලට අලෙවි නොවන බවත් ජනතාවගේ දුක වෙනුවෙන් පමණක් පෙනී සිටින බවත් වහාම ක්‍රියාත්මක වන පරිදි තෙල් මිල අඩු විය යුතු යැයි මතයේ සමගි ජන බලවේගය සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment